Ads 468x60px

Sunday, April 8, 2012

බිස්නස් ආදරය...

        මේ පාර මම හිතුව ටිකක් වෙනස් පෝස්ට් එකක් අරන් එන්න.. මේ බ්ලොග් එකේ නම හැමදෙයක්මනේ..(අපේ සෑර් බලල කිවුවා.. "කෝ මේකේ හැමදෙයක්ම නෑනේ කියලා")  ඉතින් මම ආදරේ කරන ආදරේ, විදින අය වෙනුවෙන් පොඩී ආර්ටිකල් එකක් අද ලියනවා
.. ..මම අනික් ඒවට කමෙන්ට් ඉල්ලුවේ නෑ.. හැබැයි මේකටනන් කමෙන්ට් එකක් දාල යන්න ඕනි... හරිද?..?/




              භෞතික වස්තුවක් ලෙස ගත්තම ඔබට මේ ලෝකෙ වටිනාම දේවල් මොනවද?.. එක එක්කෙනාගෙ අවශ්‍යතා අනුව එක එක්කෙනාගෙ භෞතික වත්කම් වල ස්වභාවය වෙනස් වෙනවා.දුප්පතකමින් පීඩිතව ඉතා  අසීරුවෙන් ජීවත් වෙන පුද්ගලයෙකුට පාන් ගෙඩියක් කියනෙත් පුදුමාකාර තරම් භෞතික වස්තුවක්.නමුත් ලෝකෙ සුපිරි ධනවතෙක් වන බිල් ගේට්ස්ට ලක්ෂ හාර පන්සීයක වාහනයක් කියන්නෙ තුට්‍ටු දෙකේ වටිනාකමක් නැති පුස්සක්.හැමදේම තියන කෙනාට කිසිම දේක සැබෑ වටිනාකමක් තේරෙන්නෙ නෑ.හැමේදේම නැති කෙනාට අබමල් රේනුවක තරම් දෙයක් වුනත් ලොකු වටිනාකමක් තෙරෙනවා.
                                       


                                      මේ ලෝකෙ දරුවො ලැබෙන්නෙ නැති,දරු සම්පත් අහිමි පවුල් ඕනෑතරම් තියනවා.ඔවුන් දරුවන්ට පුදුමාකාර තරම් ආදරෙයි.වෙන අම්මල තාතල දරුවන්ට ගහද්දි බනිද්දි "අනේ මට ඔය පැටිය හිටියනන් නියපිටින් පාරක ගහන්නෙ නෑ...මලක් වගේ හදාගන්නවා" කියලා. දරුවො ලැබෙන්න කලින් කොයි අම්මත් හිතන් ඉන්නේ ඔහොම තමයි හිතන් ඉන්නේ.එත් දරුවො ලැබුනම,උන්ට ආදරේ කලාම,උන්ව ලෙව කෑවම උන් එක්ක තිබ්බ ඇරියස් කවර් වෙලා මානසික ගනුදෙනුව සාමාන්්‍ය වෙනවා.ඊට පස්සෙ දරුවො නැතිව කාලයක් දුක් විඳපු අම්මෙක් උනත් දරුවෙක් කියන්නෙ මහා අමුතු දෙයක්  නෙවෙයි. ආදරෙ ඇබින්දක් විඳලා නැති,අම්මෙක් තාතෙක්,අයියෙක් අක්කෙක්,පෙම්වතෙක් පෙම්වතියක් නැති බලාගන්න බලන් ඉන්න කවුරුවත් නැති මිනිස්සු මේ ලෝකෙ අහු මුලු වල ඕන තරම් ඉන්නවා.ඔවුන් ආදරේ හොය හොයා ජීවිත කාලෙම නාහෙන් අඬ්නවා. මාව බලන්න කවුරුවත් නැ,මම මැරුනම අඬන්න කවුරුවත් නැ,මම තනි වෙලා.මට කාත් කවුරුවත් නෑ.. කිය කියා ල‍තෝනි ගහන් අය මේ ලෝකෙ ඉන්නවා.ඔවුන්ට ආදරේ කරන කෙනෙක් මුන ගැහුනොත් ඉස්ම යන්න ආදරෙ කරනවා කියල ඔවුන් හිතගෙන ඉන්නවා.ජීවිතෙ ආදරේ විඳල නැති කෙනාට තමන්ගෙ ආදරේ මාර සුන්දර වේවි කියලත් පම්පෝරි ගහනවා ඒ උනාට සැබෑ ‍රැකබලා ගැනීමක් සැබැ වටිනාකමක් තමන්ගෙ ජීවිතෙට ආවම උනට හිතෙන්නෙත් ඔය අපිට උබලට ..මට හිතෙන දේම තමයි.සිරා,,දවස් දෙක තුනක් ලවු කරද්දි,දෙතුන් පාරක් මූන ඉඹිද්දි,තෑග්ගක් දෙකක් අරන් දෙද්දි,එයාව බදාගෙන පාර තොටේ යද්දි අපේ හිත ආඩමබර වෙනවා..දැන් අපිටත් එක්කෙනෙක් ඉන්නව කියලා අනිවා..(එක්ස්පීරියන්ස් එකෙන් කියන්නේ).... නමුත් ඒ එකම එක්කෙනා මුණ ගැහෙන්න කලින් ඔබගෙ හිතේ ඔහු/ඇය ගැන ඔබෙ හිතෙ තිබ්බ උවමනාව කැමැත්ත සහ සැලසුම් මේ වෙද්දි නැති වෙලා ගිහින්..   හරියට සෝඩ බෝතලේ කැඩුව වගේ. පටන් ගද්දි මල් ගහලා රතින්යා පත්තු කරලා.. හූ තියල බල්ටි ගහලා පටන් ගත්තෙ.. දවස් තුන හතරක්.. යද්දි කොඳුරුවෙක්වත් නෑ...ඒ වුනාට ඔහොම නැති අයත් ඉන්නවා.ආදරේදි ජීවිතෙ තුන්සිය හැටපස් දවසෙම එකවගෙ නොවෙනස්ව ආදරේ කරන,සැලකිලිමත් වෙන,ආරක්ශාව ලබා දෙන..අය නැතුවාම නොවෙයි..
                             


                                               නමුත් ඔබේ ආදරය පිලිගන්න ලැබෙන්නේ ඔබ වගේ නොවෙනස් ආදරය පිළිගන්නම නොවෙනස් කෙනෙකුට නෙවෙයි.ඔවුන් ඔබේ ආදරය මායිම් කරන උන් නොවේ..ඔබේ ආදරේට ආදරෙ කරන උන් නොවේ. උන්ගෙ හිතෙ නිකන් තිබ්බ පලියට,ඇඟ කහනවට..ඔබ උන්ට ආදරෙ කරනව කියල හිතන් ඉන්නේ.,. ඔබටත් ඉන්නේ එහෙම පෙම්වතෙක්/පෙම්වතියක් නම්.. මතක තියාගන්න.ඔය ආදරේ ලාබෙට දෙන තුට්‍ටුදෙකේ බිස්නස් එක මේ දැන්ම නවත්තන්න.. ඔබේ ආදරෙ උන්ට/ඒකිට ගානක් නැත්තන් ටික දවසකට ඔබ නතර කරලා විවේක ගන්න...නිදාගන්න..පොතක් බලන්න..තමන්ගෙ වැඩක් බලාගන්න..නිදහසේ හිතෙන ගමනක් යන්න.ඔබේ ආදරේ ගැන තුට්‍ටුවක වටිනාකමක් නැති උන් ගැන හිත හිතා වද වෙන්න උඹෙ ඇඟ කහනවද?  රුදාවක්ද?.. දවස් තුන හතර එහෙම ඉද්දි ඔවුන්ට තේරෙනවා ඔබේ ආඩහ්රේ ඔබේ සැලකිල්ල,ඔබේ ‍රැකබලා ගැනීම නැත්ව ජීවත් වෙද්දි කොච්ච්‍ර පාළුද කියලා.ඒ හිතට විඳවන්න ඇරලා ඔබ ඔබේ වැඩක් බලාගන්න.ඔවුන්ට ඒක වැටහුනාම ඔබ පෙර සේ පුරුදු විද්ඩියට හැසිරෙන්න.. නමුත් කාලයක් යද්ද් උන් පරණ විදිහටම වෙනවා..ආයෙමත් දඬුවම් දෙන්න..ආයි සමාව දෙන්න.. ආයි ඳඩුවම් දෙන්න සමාව දෙන්න..        
                                       


                                           ඔබ අහයි මෙහෙම හැමදාම සමාව දිදී ඉන්න පුලුවන්ද කියලා.. බන් ඒක මහ නිවට කමක්.. ඔබට වටිනාකමක් තියනවා ඒක නැතිකරගන්න එපා..දෙතුන් පාරක් සමාව දීල නොහැදුන එකා/එකී,, කැපුවත් කෙ‍ටුවත් කෝවෙ කියන එකේ දාල මකල ආයෙ හ ගත්තත් ඔහොම්මමයි..ඒ උන්ගෙ හැටි. ඒ නිසා තුන් හතර පාරක් සමාව දීලත් උන්ට ඔබෙ ආදරේ ගැන වටිනා කමක් නැත්තන්,බම්බු ගහගනින් කියලා කොන්දේසි විරහිතව ඔබෙ ආදර කතාව හකුලා ගන්න.. උඩ දාල පස්ස පැත්තට පයින් ගහල උන්ව පපුවෙන් එලියට දාන්න..එලවලම දාන්න.. ඕක සාහසික කතාවක් කියල ඔබට හිතේවි.බන් උභෙ හිතේ ඇතිවුනු නොකැලැල් සැබෑ සෙනෙහසට ගරහපු ඒක නිවටකමක් විදියට දැකපු,ඔබව තුට්‍ටු දෙකකට දාපු පිශාච හදවතකට දෙන්න ඊට වඩා සරල ඳඩුවමක් දෙන්න  කියන්න. මට නන් ඉදිරිපත් වෙන්නෙ නැ.අපි නම් එහෙමයි..එතකොට මේ ආදරණීය ගනු දෙනුව හරි සරලයි. ලේසියි..ආදරය කියන්නේ මානසික වශයෙන් ලාබ ලබන වියාපාරයක් විය යුතුමයි..ඔබ දෙන ආදරේ දෙගුන තෙගුන වෙලා ආපිට එන්න ඕනි.සරලව කිවුවොත් ආදරේ බිස්නස් එකක් දිගින් දිගටම පාඩු ලබනවා නම් කොම්පැනිය වහලා දාලා වෙන වැඩක් බලාගන්න ඕනි..හැමදාම පාඩු පිට දුවන්න බෑ..ඒකිට උඅට කොච්ච්චර ලවු කලත් ඒක උන්ට තේරෙන්නෙ නැත්තන්..බමබු ගහගන්න කියලා.. පාරෙ යන බලු කුක්කෙකුට කික්කියෙකුට ආදරේ කරහල්ලා.. උ නැට්ටවත් වනයි....






Comments
1 Comments
බොහොම ඉස්තුතියි මුල් පිටුවට

1 ක් තියනවා මේ පොස්ට් එකටප්‍රතිචාර:

නර්මදා ඒකනායක said...

lassanay...all the best "hemadeyakama"

Post a Comment