ශ්‍රි ලංකාවේ බුදුදහම වූයේ මහින්ද මහරහතන් වහන්සේගේ වැඩම කිරීමෙන් පසුව 2 වන සියවසේදීය. දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු බොහෝදෙනා බෞද්ධයින් බවට පත් වූවේය. මහා විහාර නම්වූ පූජාශ්‍රමය බිහි වූයේද මේ යුගයේදීය. ශ්‍රිලංකා වේ පාලි ග්‍රන්ථයන් බිහි වූයේ වට්ටගාමිනී රජුන්ගේ සමයේදීය. ඒ වාගේම ථේරවාද බුදු දහමේ පටන් ගැන්මද මේ යුගයේදී ආරම්භ විය. පසු කලෙක විවරණ ලියන්නන්
මඟින් බුදු දහම පිලිබඳව පොත් පත් ලියවුනි. එවන් විශිෂ්ඨ කතෘන් වන්නේ බුද්ධඝෝස (4-5 වන සියවස)සහ ධම්මපාල (5-6 වන සියවස)වැනි රජවරු. එවකට මහායාන ධර්මය දේශයට බලපෑමක් වූ නමුත් කාලයාගේ ඇවෑමේන් ථේරවාදය ප්‍රචලිත විය. ඉන් පසුව අග්නිදිග ආසියාවේම 11 වන සියවස වනවිට ථේරවාදී බුදු දහම ප්‍රචලිත විය. ඉන්දියානු උප මහද්වීපයේ පෙරදිග ප්‍රදේශයේ මොන් නමැති ජනවාර්ගික කොටස අතර ඉන්දීයානු සංස්කෘතිය තදින්ම ව්‍යාප්ත වී තිබුණි. 3 වැනි සියවසේදී මෙම ජන වාර්ගික කොටස බෞද්ධාගම වැළඳ ගෙන ඇති බවට සඳහන් වේ. එසේ සිදු වූයේ මහා අෂෝක නම් වූ ඉන්දියානු අධිරාජයාගේ සමයේදීය. මධ්‍යම බුරුමයේ පිහිටි පීක්තානෝ නම් වූ මොන් ජනයාගේ බෞද්ධ පන්සල නිමවා ඇත්තේ 1වන සහ 5වන සියවස් අතර යැයි සඳහන් වේ. මොන් ජනවාර්ගිකයන් ගේ බෞද්ධ සිතුවම් හා ඉන්දියානු ගුප්තා සිතුවම් වලට සංස්කෘතිය මුසු වී ඇත. මොන් රාජධානිය ප්‍රචලිත වනවාත් සමග 5 වැනි සහ 6 වැනි සියවස්වලදී අග්නිදිග ආසියාවේ මෙම සිතුවම් කලාව ප්‍රචලිත විය. ඒ වාගේම මොන් වරුන්ගේ බලපෑමත් සමග ථේරවාද දහම ප්‍රචලිත වූ නමුත් උතුරු ප්‍රාන්තයේ 6වන සියවසින් පසුව මහායානය මුලුමනින්ම ප්‍රචලිත විය. අශෝකවාදයේ ඇතුළත් වී ඇති පරිදි හිමාල ප්‍රදේශය තුළින් අශෝක රජුන් ධර්මදූතයින් යවා ඇති බවට සඳහන් වී ඇත.
නුඹ රැජිනකි මට සැමදා
4 years ago
0 ක් තියනවා මේ පොස්ට් එකටප්‍රතිචාර:
Post a Comment